පාසලේ ඉතිහාසයෙන් බිඳක්
විද්‍යාලය 1956-06-10 දින පරම විඥාර්ථ සමාගම විසින් අරඹා ඇති අතර දායකත්වය දරා ඇත්තේ බෝතට රජමහා විහාරයයි. පොල් අතු සෙවිලි කළ මඩුවක සිසුන් අට දෙනකුගෙන් සහ එක් ගුරුවරයෙකුගෙන් විදුහල ආරම්භ කර ඇත. මෙහි ආරම්භක විදුහල්පති ලෙස බෝපේ ගෙදර මහතා කටයුතු කර ඇත.
1962 වර්ෂයේ මෙම විදුහල රජයට පවරාගෙන ඇත.
වර්තමානයේ පවතින පාසැල් ඉඩම සකස් වී ඇත්තේ වරින් වර කොටස් වශයෙන් පවරාගත් ඉඩම් වලිනි.
2003 වර්ෂයේදී පාසලේ47 වැනි වර්ෂ සැමරුම නිමිති කරගෙන මහ/ මල්දෙණියේ කනිෂ්ඨ විද්‍යාලය වශයෙන් පැවැති නාමය මහ/ සීවලී කනිෂ්ඨ විද්‍යාලය නමින් වෙනස් කර ඇත.
වර්තමානයේ 1- 11 දක්වා පන්ති පැවැත්වෙන අතර සිසුන් 160 ක් පමණ අධ්‍යාපනය ලබයි.ස්ථිර ගොඩනැගිලි හතරකින් සමන්විත වන අතර දරුවන්ට පරිගණක දෙනුම ලබා දෙන පරිගණක විද්‍යාගාරයක්ද 2012 වර්ෂයේ සිට පාසල සතුව ඇත.
| ආරම්භ කළ වර්ෂය | 1956-06-10 |
| එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව | 01 |
| පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව | 08 |
| මුල් ගුරුතුමාගේ නම | බෝපේ ගෙදරමහතා |
| පාසලේ මුල් ගොඩනැගිලි ගණන | 01 |
| පාසලේ නම | මහ /මල්දෙණිය කනිෂ්ඨ විද්‍යාලය |
| පාසල රජයට පවරාගත් දිනය | 1962 |
| පාසල පැවැත්වූ ස්ථානය | මහනුවර, මල්මුදෙණිය ගම්මානයේ |
| ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව | 1956-06-10 |





