සම්බුදු සිරිපා වැජඹෙන දෙරණේ
කඳුකරයේ මිණි පහනක් බඳු වූ
විහිදෙන නිල්වන් කෙත් වතු අතරින්
සීවලී විදුමෑනිය සැර දේ //
ගුණ නැණයෙන් යුතු අපි වෙමු දරුවන්
මතු පරපුර රැක ගන්නට විරුවන්
ධීර වීර ගජබා සෙන්පතියන්
ගෙන ආ මඟ සුරකිමු බැතියෙන් //
සම්බුදු සිරිපා වැජඹෙන දෙරණේ
රටට දැයට වැඩ ඇති පුරවැසියන්
සිරිලක් අඹරේ ධජ නංවා
කිතු ගොස පතුරා මේ ලක් දෙරණේ
සීවලි විදු මෑනිය සැරදේ //





