මප / කටු / සීවලී කනිෂ්ඨ විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ප්‍රාථමික අංශයේ ගණිත කඳවුර - 2024-10-30

seewali-school.jpg
seewali-school.jpg
  • සෑම ශිෂ්‍ය / ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතුය. 
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක් විසින්ම තමන්ට අදාළ පිරිසිදු කිරීම් පෙරවරු 7.45 ට පෙර අවසන් කළ යුතුය.
  • සෑම විටම සීනුවට අවනත විය යුතුය.
  • පාසල් කාලය තුළ හා පාසල් කාලයෙන් බැහැරව පාසලට පැමිණෙන විට පාසැල් නිල ඇඳුමෙන් සැරසී සිටිය යුතුය
  • කොණ්ඩය නියමිත පරිදි පීරා තිබිය යුතු අතර පිරිමි ළමුන් කොණ්ඩේ කොටට කපා තිබිය යුතුය.
  • උදෑසන පාසලට ඇතුළු වූ අවස්ථාවේ සිට පාසල අවසන් වන තුරුම පාසලෙන් පිටතට නොයා යුතුය . හදිසි අවශ්‍යතාවයක් සඳහා පිටතට යන්නේ නම් ගුරුවරයකුගේ අවසරය මත යා යුතුය.
  • විෂයයන්ට අදාළව පවරන නිවසේ වැඩ පසු දින නියමිත පරිදි අවසන් කරගෙන පැමිණිය යුතුය.
  • පාසල සතු සියලූම සම්පත් ආරක්ෂා කර ගත යුතු අතර භාවිතයේදී පරිස්සමෙන් භාවිත කළ යුතුය.
  • පන්තිවල අධ්‍යාපන කටයුතු කරන අතරතුර නිකරුණේ වෙනත් ස්ථානවල ගැවසීමෙන් වැළකී සිටිය යුතුය.
  • පාසලට නොපැමිණෙන දින සඳහා මව / පියා / භාරකරුගේ ලිඛිත හේතු  දැක්වීමක් රැගෙන ආ යුතුය.
  • පාසල් කාලයෙන් පසුව වුවද තමන්ගේ වයසට ගැළපෙන මිතුරන් සමඟ පමණක් ඇසුරු කළ යුතුය
  • පාසලට ඒ මේ දී හා පාසල ඇරී ආපසු යන විට මාර්ග නීති රීති පිළිපැදිය යුතු අතර සංවරව ගමන් කළ යුතුය. 
  • පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
  • සිසු දත්ත පොත සුරක්ෂිතව භාවිතා කළ යුතුය
  • තමන්ට අදාළ වැදගත් කරුණු අදාළ ගුරුවරයා ලවා මෙම පොතේ සටහන් කරගත යුතුය