නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
W.M.H.K විජේකෝන් මිය
මප / කටු / සීවලී කනිෂ්ඨ විද්‍යාලය අධ්‍යාපනය තුළින් පමණක් නොව විශය සමගාමී ක්‍රියාකාරකම් තුළින් ද විශිෂ්ටත්වය කරා පියනගන ජාතික මට්ටමේ දක්ෂතා මෙන්ම අන්තර්ජාතික මට්ටමේ දක්ෂතා පෙන්වන සිසු දරු දැරියන් බිහි කරන පාසලකි. ගම්ප්‍රදේශය තුළ පමණක් නොව අවට ගම් ප්‍රදේශවලටද සුවිසාල මෙහෙවරක් ඉටුකරන අප පාසල තුළින් බිහි වූ දැනුම ආකල්ප කුසලතා වලින් පිරිපුන් ආදී සිසු සිසුවියන් රටට දැයට මහඟු සේවයක් ඉටු කරනු ලබයි. ශාස්ත්‍රීය දක්ෂතා සෞන්දර්යාත්මක දක්ෂතා මෙන්ම ක්‍රීඩා කුසලතා ආදියෙන් විශිෂ්ටත්වයට ගමන් කරන අප පාසල අප රටට පමණක් නොව මුළු ලෝකයටම අභිමානයක් ගෙන දෙන බව පවසන්නේ හද පිරි සතුටිනි.
W.M.H.K විජේකෝන් මිය
නියෝජ්‍ය විදුහල්පති
මප / කටු / සීවලී කනිෂ්ඨ විද්‍යාලය.





